මවගේ ජීවිතය බේරාගත් රොමේෂ්ගේ වීර ක්‍රියාව නාවික හමුදාවේ ඇගයුමට
ජීවිතය පරදුවට තබා මවගේ ජීවිතය බේරා ගැනීම සඳහා සටන් කළ යාය 2, දික්වැව, සේනපුර ලිපිනයේ පදිංචි රොමේෂ් මධුවන්ත තරුණයා හට ඔහු විසින් කළ අභීත ක්‍රියාව ඇගයීම සඳහා නාවික හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි නාවික හමුදාව විසින් රුපියල් 50,000ක ප්‍රේෂණපතක් ලබාදෙන ලදී. තම මව කිඹුලකුගේ ග්‍රහණයට ලක්ව ඇති බව දුටු රොමේෂ්, ක්ෂණිකව ක්‍රියාත්මක වී ජලයට පැන කිඹුලා සමග සටන්වැද තම මවගේ ජීවිතය බේරා ගැනීමට සමත්විය. මෙම නිර්භීත ක්‍රියාව සඳහා මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ද ලබාදෙන ලදී.
ශ්‍රී ලංකා නාවික හමුදා සමාජ මෙහෙවර අරමුදල මගින් ලබාදුන් මෙම ප්‍රේෂණපත රොමේෂ්ගේ මව ප්‍රථිකාර ලබන කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී ලබාදෙන ලදී. අන් දරුවන්ට ද ආදර්ශයක් වන මෙම ක්‍රියාව නාවික හමුදාධිපතිතුමාගේ පැසසුමට ලක්වූ බව මෙම අවස්ථාවට සහභාගී වූ නිලධාරීන් විසින් ප්‍රකාශ කරන ලදී. තමන් වෙනුවෙන් ලබාදුන් ත්‍යාගය කෘතවේදීව ලබාගත් රොමේෂ් තම ක්‍රියාව ඇගයීමට ලක්කිරීම පිළිබඳව නාවික හමුදාධිපතිතුමාට සහ සමස්ථ නාවික හමුදාවට සිය හෘදයාංගම ස්තූතිය ප්‍රකාශ කරන ලදී.


