බංග්ලාදේශ නාවික හමුදාවේ “අබු බකර්” නෞකාවේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි
සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බංග්ලාදේශ නාවික හමුදාවේ “අබු බකර්” නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් මුහම්මද් මහ්මුදුල් මලික් මහතා සහ මධ්‍ය නිලධාරීන් දෙදෙනෙකු අද (21) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
එහිදී දෙරටේ නාවික හමුදාවන් අතර අන්‍යෝන්‍ය මිත්‍රත්වය ඉහළ නැංවීම හා පුහුණු කටයුතු පිළිබඳ අවධානය යොමු කරමින් කපිතාන් මලික් මහතා සහ නාවික හමුදාධිපතිතුමන් සුහද කථාබහක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළින හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු පර්වේස් අස්ලම් මහතාද එක්විය.
සිව් දින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි “අබු බකර්” නෞකාව ඔක්තෝබර් 23 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතය.


