අන්තර් විධාන කඹ ඇදීමේ තරඟාවලිය 2015
2015 අන්තර් විධාන කඹ ඇදීමේ තරඟාවලිය ත්රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨයේ හොකී ක්‍රීඩා පිටියේදී නොවැම්බර් මස 06 සහ 07 යන දිනයන්හි අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
නාවික හමුදා කඹ ඇදීමේ සංචිතය මගින් සංවිධානය කෙරුණු මෙම තරඟාවලිය සඳහා එක් එක් නාවික විධාන නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් 7ක් සහ කාන්තා කණ්ඩායම් 4ක් සහභාගී වුණු අතර, බටහිර නාවික විධාන කණ්ඩායම අනුශූරයන් බවට පත්කරමින් දියත් විධාන කණ්ඩායම පිරිමි අංශයේ ශූරතාවය හිමි කරගැනීමට සමත්විය. උතුරු මැද නාවික විධානය කඹ ඇදීමේ කාන්තා අංශයේ ශූරතාවය හිමි කරගත් අතර, පුහුණු විධානය එහි අනුශූරයන් බවට පත්විය.
තරඟාවලියේ ජය සංකේත ප්රදානය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා සහභාගී විය. මෙම අවස්ථාවට නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු නන්දන ජයරත්න මහතා, නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නාවිකයන් හා අනෙකුත් නාවික විධාන නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් ද එක් විය.






