දකුණු කොරියානු නාවික හමුදා “චුන්ග්මුගොන්ග් යි සන් සින්” නෞකාවේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි
දකුණු කොරියානු නාවික හමුදාවේ “චුන්ග්මුගොන්ග් යි සන් සින්” නෞකාව සුහද සංචාරයක් සඳහා අද (03) ශ්‍රී ලංකාවට පැමිණි අතර, එහි අණදෙන නිලධාරී කපිතාන් යූ ජේ-මන් මහතා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. එහිදී ඔවුහු සුහද කතාබහක නිරතවූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කළහ.
අද උදෑසන කොළඹ වරායට පැමිණි “චුන්ග්මුගොන්ග් යි සන් සින්” නෞකාව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව පිළිගන්නා ලදී. එම නෞකාව දෙසැම්බර් මස 05 වන දින දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතය.





