ඉන්දියානු සාගරික නාවික සමුළුව සහ නාවික ප්‍රධානීන්ගේ හමුව
බංග්ලාදේශ නාවික හමුදා ප්‍රධානී, වයිස් අද්මිරාල් මුහම්මද් ෆරීඩ් හබීබ් මහතාගේ ආරාධනයකට අනුව බංග්ලාදේශයේ නිල සංචාරයක නිරතව සිටින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මේ වන විට ඩකා අගනුවර පැවැත්වෙන 2016 ඉන්දියානු සාගරික නාවික සමුළුවට (IONS – 2016) සහභාගී වී සිටියි. ̔සාමූහික සාගරික සහයෝගීතාවය සඳහා මං සැලසීම තුළින් ඉන්දීය සාගර කලාපයේ සබඳතා ශක්තිමත් කරළීම̕ යන තේමාව යටතේ මෙවර සමුළුව ජනවාරි මස 11 සහ 12 යන දිනයන් හි පැවැත්වේ. නාවික හමුදාධිපතිතුමන් ජනවාරි මස 13 වන දින මෙම සමුළුවට සහභාගී වී සිටින නාවික ප්‍රධානීන් හා විදෙස් නියෝජිතයින් හමුවී සාකච්ජා පැවැත්වීමට ද නියමිතය.
පස්වන වතාවටත් පැවැත්වෙන මෙම සමුළුවෙහි මෙවර සත්කාරකත්වය දරණ බංග්ලාදේශ නාවික හමුදාව ඉදිරි වසර දෙක සඳහා එහි සභාපතීත්වය දරණු ඇත. මෙම සමුළුව අතරතුරදී වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හට විදෙස් නාවික ප්‍රධානීන් හා ඉහළ පෙළේ ආරක්ෂක උපදේශකයින් කිහිප දෙනෙකු හමුවී සුහද සාකච්ජා පැවැත්වීමටත්, අන්‍යෝන්‍ය හා ද්විපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීමටත් අවස්ථාව උදා විය. එහිදී එක්සත් ජනපද පැසිෆික් සාගර කලාප නාවික බලඇණියේ ආඥාපති අද්මිරාල් ස්කොට් ස්විෆ්ට් මහතා, බංග්ලාදේශ් නාවික හමුදා ප්‍රධානී වයිස් අද්මිරාල් මුහම්මද් ෆරීඩ් හබීබ් මහතා, ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා ප්‍රධානී වයිස් අද්මිරාල් ටිම් බැරට් මහතා, ජපන් සාගරික ආරක්ෂක බලකායේ නියෝජ්‍ය නාවික ප්‍රධානී වයිස් අද්මිරාල් යුටකා මුරකාවා මහතා, දකුණු අප්‍රිකානු නාවික හමුදා ප්‍රධානී වයිස් අද්මිරාල් එම්එස් ලොන්ග්වේන් මහතා, ඉරාන නාවික හමුදා ප්‍රධානී රියර් අද්මිරාල් හබිබොල්ලාහ් සයාරි මහතා, එක්සත් අරාබි එමීර් රාජ්‍ය නාවික හමුදා ප්‍රධානී රියර් අද්මිරාල් ඉබ්රාහිම් සලීම් මොහොමඩ් අල් මුෂාරක් මහතා සහ ඉන්දියානු සාගරයේ ස්ථාපිත ප්‍රංශ බලකායේ ඒකාබද්ධ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ඇන්ටනී බ්යුසන්ට් මහතා මුණගැසීමට හැකි විය.
ඉන්දියානු සාගර කලාපයේ සමුද්‍රාශ්‍රිත රාජ්‍යයන් හි නාවික හමුදාවන් අතර සාගරික සහයෝගීතාවය වඩාත් ශක්තිමත් කිරීම මූලික කරගනිමින් ස්වේච්ජාවෙන් ආරම්භ වූ ඉන්දියානු සාගරික නාවික සමුළුව, කලාපයේ සාගරික ආරක්ෂාව සම්බන්ධ ගැටළු එක්ව හා විවෘතව සාකච්ජා කිරීමේ අවස්ථාව උදාකර දී ඇත. වර්තමානයේ රටවල් 22ක් එහි නිත්‍ය සාමාජිකත්වය දරණු ලබයි. ඒ සඳහා සාගරික ආරක්ෂක නියෝජිතයින් හා නාවික නිරීක්ෂකයින් සිව් දෙනෙකු ද ඇතුළත් වේ.

බංග්ලාදේශ් නාවික හමුදා ප්‍රධානී වයිස් අද්මිරාල් මුහම්මද් ෆරීඩ් හබීබ් සහ ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා ප්‍රධානී වයිස් අද්මිරාල් ටිම් බැරට්

වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සහ එක්සත් ජනපද පැසිෆික් සාගර කලාප නාවික බලඇණියේ ආඥාපති අද්මිරාල් ස්කොට් ස්විෆ්ට්

වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සහ ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා ප්‍රධානී වයිස් අද්මිරාල් ටිම් බැරට්

වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සහ ජපන් සාගරික ආරක්ෂක බලකායේ නියෝජ්‍ය නාවික ප්‍රධානී වයිස් අද්මිරාල් යුටකා මුරකාවා
