නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු නැවත භාරදීමට නාවික හමුදාවේ සහාය
ශ්රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාව සහාය විය. එම ධීවරයින් පිරිස නාවික හමුදාවේ P 4442 වේග ප්රහාරක යාත්රාවේ සහ ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ CG 41 යාත්රාවේ සහාය ඇතිව අද (15) උදෑසන කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘රාණි අබක්කා’ නෞකාව වෙත භාර දීමට කටයුතු කෙරිණි.


