තහනම් දැල් භාවිතා කරමින් මසුන් මැරූ ලාංකික ධීවරයින් 22 දෙනෙකු අත්අඩංගුවට
කල්පිටිය, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින්, කොණ්ඩච්චි සහ කරෙයිතිව් අතර මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 22 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 6ක් ජනවාරි මස 14 වන දින අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ලයිලා දැල් 2ක්, ඔක්සිජන් සිලින්ඩර් 27ක්, කිමිදුම් වරල් යුගල් 10ක් සහ කිමිදුම් මුහුණු ආවරණ 8ක් නාවික හමුදා අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ධීවර ආම්පන්න සහ මත්ස්‍ය කිලෝග්‍රෑම් 4,772ක් ඉදිරි විමර්ශන කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාරදීමට කටයුතු කෙරිණි.


