අන්තර් පුහුණු හැකියාවන් වර්ධනය කර ගැනීමේ අරමුණින් ඉන්දීය නෞකාවන් දෙකක් කොළඹ වරායට පැමිණේ
ඉන්දීය නාවික හමුදාවේ “තරංගිනී” හා “සුදර්ශිණී” යන රුවල් වර්ගයේ පුහුණු නෞකාවන් ද්විත්වය අන්තර් පුහුණු හැකියාවන් වර්ධනය කර ගැනීමේ අරමුණින් අද (17) කොළඹ වරායට පැමිණි අතර, ශ්රී ලංකා නාවික හමුදාව නාවික සම්ප්රදායන්ට අනුව එම නෞකාවන් පිළිගන්නා ලදී.
හෙට දින දක්වා ශ්රී ලංකාවේ රැඳී සිටින මෙම නෞකාවන් ශ්රී ලංකා නාවික හමුදාවේ පුහුණුව ලබන නිලධාරීන් පිරිසකට නෞකාවන් මත දී පුහුණු ක්රියාකාරකම් කිහිපයකට යොමු වීමේ අවස්ථාව ලබාදීමට නියමිතය. තවද, සුහදතාවය හා මිත්රත්වය සංකේතවත් කරමින් ශ්රී ලංකා නාවික හමුදාව සංවිධානය කර ඇති පුහුණු වැඩසටහන් කිහිපයක් සඳහා ද එහි නැව් මුළුව එක්වීමට නියමිතය. මෙම ක්රියාකාරකම් තුළින් ද්විපාර්ශ්වීය සබඳතාවයන් ශක්තිමත් කරගැනීමට මෙන්ම වෙනස් පරිසරයක් තුළ පුහුණු ක්රියාකාරකම් තුළින් නව අත්දැකීමක් ලබාගැනීමටද ඉඩ ප්රස්ථාව සැලසේ.


