ලුතිනන් කොමාණ්ඩර් ඉෂාර කරුණාරත්න විසින් රචිත “ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන සම්ප්රදාය” කෘතිය නාවික හමුදාධිපතිතුමා හට පිළිගැන්වේ
ශ්‍රී ලංකාවේ ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේලාගේ සම්ප්‍රදායන් හා පිළිවෙත් පිළිබඳව දීර්ඝ අධ්‍යයනයකින් පසුව ලුතිනන් කොමාණ්ඩර් ඉෂාර කරුණාරත්න විසින් රචිත “ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන සම්ප්රදාය” නැමති කෘතියෙහි පළමු පිටපත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිළිගැන්වීම අද (18) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
කැළණිය විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරණ ඔහු මෙම ග්රන්ථ රචනයට අදාල නිබන්ධනය සඳහා වසර තුන හමාරක ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කර ඇත. පාඨකයින් හට, බෞද්ධ ආරාම හා බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ආරණ්‍ය වාසී ජීවිතය හා එහි ප්‍රායෝගීකත්වය කෙබඳු වේද යන්න හැදෑරීම සඳහා මෙම ග්‍රන්ථය මහෝපකාරී වේ.

