ජනකපුර විද්‍යාලයේ අක්‍රීයව පැවති ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය නාවික හමුදාව විසින් සක්‍රීය කෙරේ
නිදන්ගත වකුගඩු රෝගය වළකාලීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් නාවික හමුදාවෙන් කරන ලද ඉල්ලීමකට අනුව වැලිඔය, ජනකපුර මහා විද්‍යාලයේ අක්‍රීය තත්ත්වයේ පැවති ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය (RO Plant) නාවික හමුදාව මගින් අළුත්වැඩියා කොට සිසු දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා යථා තත්ත්වයට පත් කර දී ඇත.
වකුගඩු රෝගය බහුලව පවතින මෙවැනි ප්‍රදේශයන් සඳහා ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර වල පවතින දැඩි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිය දැනුම හා තාක්ෂණික හැකියාවන් යොදා ගනිමින් මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය සක්‍රීය තත්වයට පත් කිරීම සඳහා දායක විය. එමගින් නැවත වතාවක් ජනකපුර විද්‍යාලයේ සිසු දරුවන් ට පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ අවස්ථාව ලැබී ඇත.


