“ලියුෂූ” “සැන්යා” සහ “කින්හායු” යන චීන නෞකාවන් හි කාර්ය බලකා අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි
දින 5ක නිල සංචාරයක් සඳහා ජනවාරි මස 17 වන දින කොළඹ වරායට පැමිණි චීන නාවික හමුදාවට අයත් “ලියුෂූ” “සැන්යා” සහ “කින්හායු” යන නෞකාවන් හි කාර්ය බලකා අණදෙන නිලධාරී දකුණු චීන නෞකා බලඝනයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් යූ මැන්ජියැන්ග් මහතා සහ එම නෞකාවන් හි අණදෙන නිලධාරීන් අද (18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. එහිදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන් සුහද කතා බහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.








