නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් පස් දෙනෙකු අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අනුයුක්ත මුර සංචාරක යාත්රාවක් විසින් කුදිරමලෙයි මුහුදු ප්රදේශයේ නීතිවිරෝධී ධීවර කටයුතු නිරතව සිටි ශ්රී ලාංකික ධීවරයින් පස් දෙනෙකු සමග ඩිංගි යාත්රාවක් ඊයේ (19) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදාගත් තංගුස් දැලක්, කිමිදුම් වරල් යුගල් 3ක් හා කිමිදුම් ඇස් ආවරණ 3ක් ද අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ආම්පන්න ඉදිරි විමර්ශණ කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්යක්ෂක වෙත භාරදීමට කටයුතු කෙරිණි.

