“වික්‍රමාදිත්‍ය” නෞකාවේ සංචාරයක නිරත වූ ශ්‍රී ලාංකික අමාත්‍යවරුන් හා ඉහළ පෙල ආරක්ෂක නියෝජිතයින් නෞකාවේ දී සාදරයෙන් පිළිගැනෙති
කොළඹ වරායට පළමු වරට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ “වික්‍රමාදිත්‍ය” නෞකාවේ සංචාරයක නිරත වූ ශ්‍රී ලාංකික අමාත්‍යවරුන් පිරිසක් හා ඉහළ පෙළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් නෞකාවේ දී අද (21) දහවල් උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි. දෙරටෙහි පවතින දීර්ඝ කාලීන මිතුදම හා අසල්වැසි රටවල් අතර පවතින ශක්තිමත් ආරක්ෂක සහයෝගීතාවය සංකේතවත් කරමින් මෙම අවස්ථාවට විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු මංගල සමරවීර මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතා සහභාගී විය. ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් අතිගරු වයිකේ සින්හා මහතා, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා, යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා හා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ද මෙම අවස්ථාවට එක්විය.
නෞකාව භාර ජ්‍යෙෂ්ඨ නිලධාරී වශයෙන් පැමිණි ඉන්දීය නාවික හමුදාවේ බටහිර දියත් විධානයට අණදෙන ධජ නිලධාරී රියර් අද්මිරාල් රව්නීට් සිං මහතා විසින් අමාත්‍යවරුන් හා ප්‍රභූන් පිරිසට ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහනය කෙරෙන මෙම දැවැන්ත නෞකාවේ හැකියාවන් හා නවීන තාක්ෂණීක උපාංගයන් දැක ගැනීම සඳහා අවස්ථාව සලසා දෙනු ලැබිණි. මෙම නෞකාව ඔහුගේ අණදීම යටතේ විදෙස් රටක සිදුකෙරෙන පළමු සංචාරය මෙය වන අතර, ඒ සඳහා මිසයිල නාශක වර්ගයේ මයිසූර් නෞකාව ද එක්ව ඇත.











