රාජකීය නාවික හමුදාවේ ‘ඩිෆෙන්ඩර්’ නෞකාව කොළඹ වරායට පැමිණේ
රාජකීය නාවික හමුදාවේ ‘ඩිෆෙන්ඩර්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (30) කොළඹ වරායට පැමිණි අතර, නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර්, ස්ටෙෆාන් ඩබ්ජේඒ හයිගම් මහතා නාවික හමුදා මූස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. එහිදී ඔවුන් සුහද කතාබහක නිරත වූ අතර, මෙම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව මහතා ද එක්විය.
‘ඩිෆෙන්ඩර්’ නෞකාව ජනවාරි මස 31 වන දින දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර, ද්විපාර්ශ්වීය මිත්‍රත්වය හා සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කළ වැඩසටහන් කිහිපයකට ද එහි නැව් මුළුව සහභාගීවීමට නියමිතය.