රාජාංගනය ජලාශයේ අක්රීයව තිබූ වම් ඉවුරේ සොරොව් දොරටුව නාවික හමුදාව යථා තත්ත්වයට පත් කරයි
සතියක පමණ කාලයක් අක්රීයව තිබූ රාජාංගනය ජලාශයේ වම් ඉවුරේ සොරොව් දොරටුව දින දෙකක දැඩි පරිශ්රමයකින් පසුව නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ සහායෙන් නැවත යථා තත්ත්වයට පත් කිරීමට හැකි විය. රාජාංගනය ප්රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු නිලධාරියා විසින් කරන ලද ඉල්ලීමකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා කිමිදුම්කරුවන් නව දෙනෙකු සමග නාවික නිලධාරියෙකු මේ සඳහා යෙදවුනු අතර, දින දෙකක දැඩි පරිශ්රමයකින් අනතුරුව ඊයේ (02) මෙම සොරොව් දොරටුව නැවත සක්රීය තත්ත්වයට පත්කිරීමට නාවික හමුදාවට හැකි විය. අඩි 35ක පමණ ගැඹුරකින් යුත් මෙම සොරොව්වේ ඇතුළතින් හා පිටතින් ඇති වාන් දොරටු දෙකම අළුත්වැඩියා කිරීමෙන් පසු යථා තත්ත්වයට පත් කෙරුණු අතර, මෙම සොරොව් දොරටුව අක්රීය වීම නිසා වගාකර තිබූ කුඹුරු අක්කර දස දහසකට පමණ ජලය නොලැබී යාමේ දැඩි අවදානමක් මතුව තිබුණි.



