ජපාන නාවික හමුදාවේ ගගන පියාසර 2 පක්ෂාංගයේ 22 වන බලඝණ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි
ජපාන සාගරික ස්වයං ආරක්ෂක බලඝණයේ ගගන පියාසර 2 පක්ෂාංගයේ 22 වන බලඝණ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් ටකාහිරෝ යම්ෂිතා මහතා අද (03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
එම හමුවේදී ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන් සුහද කතාබහක නිරත විය. ගල්ෆ් කලාපයේ ඒඩ්න් බොක්ක සහ සෝමාලියානු මුහුදු තීරයේ සිදු කෙරෙන මුහුදු මංකොල්ලකෑම් වලට එරෙහි මෙහෙයුම් සඳහා ජපාන ගුවන් යානා 2ක් සමගින් පිටත්ව යන අතරතුර කොමාණ්ඩර් යම්ෂිතා මහතා කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලට ගොඩබැසීමෙන් පසුව මෙසේ නාවික හමුදාධිපතිතුමන් හමු විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.




