නෙදර්ලන්ත තානාපතිනිය නාවික හමුදා මාණ්ඩලික ප්රධානී හමුවෙයි
නෙදර්ලන්ත තානාපතිනී, අතිගරු ජොආන් ඩූන්වර්ඩ් මැතිණිය අද (5) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය. ශ්රී ලංකාවේ නෙදර්ලන්ත ආරක්ෂක උපදේශක කර්නල් ඇලර්ඩ් වේග්මාර්කර් මහතාද ඇය සමග එම අවස්ථාවට එක්විය.
එහිදී ඔවුන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත විය.




