නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනේ
කල්පිටිය, ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (16) මාම්පුරි සහ සින්නපාදු අතර මුහුදු ප්රදේශයේදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්රී ලාංකික ධීවරයින් තිදෙනෙකු සමග ඩිංගි යාත්රා 5 ක් අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදාගත් කිමිදීම සඳහා භාවිතා කරනු ලබන පා වරල් යුගල් 2 ක්, G.P.S යන්ත්රයක්, කිමිදීම සඳහා යොදාගන්නා ඔක්සිජන් සිලින්ඩර් 10 ක් සහ හක්බෙල්ලන් 42 ක් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ආම්පන්න වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂක වෙත භාරදීමට කටයුතු කෙරිණි.


