කඩොලාන පරිසර සුරක්ෂිත කිරීමට නාවික හමුදාව සහාය වෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා කඩොලාන පැල සිටුවීමේ ව්‍යාපෘතියේ අධියරයන් දෙකක් උතුරු සහ උතුරුමැද නාවික විධානයන්හිදී ක්‍රියාත්මක විය. ඒ අනුව පසුගිය 10 වන දින කඩොලාන පැල දහසක් උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කයිට්ස් දූපතේ ජැටියට ආසන්න මුහුදු තීරයේ රෝපණය කරන ලදී. වේලනි, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්තුමිය, රජයේ නිලධාරීන් පාසල් නියෝජනය කරමින් ගුරුවරුන් සිසු දරු දැරියන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එම අවස්ථාව සඳහා සහභාගී විය.
තවද, පසුගිය 8 වන දින උතුරු මැද නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු උපුල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වෙඩිතලතිව් කළපු ප්‍රදේශයේදී කඩොලාන පැල 3500 ක් රෝපණය කරන ලදී. ශ්‍රී ලංකා කුඩා ධීවර සම්මේලනය සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගීත්වයෙන් යුතුව සිදු කරන ලද මෙම මහඟු කර්තව්‍ය සඳහා ලෝක ආහාර වැඩසටනේ සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්, ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයේ අණදෙන නිලධාරීතුමන් ඇතුළු ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා, ගජබා, පුස්සදේව යන ආයතනයන්හි නාවිකයන් මෙන්ම ප්‍රදේශවාසීන් විශාල පිරිසක්ද සහභාගී විය.
මෙම ව්‍යාපෘතිය මගින් වෙරළ ඛාදනය වැළැක්වීම, කළපු ජලය පිරිසිදු වීම, පරිසර අලංකාරය, මත්ස්‍යයන් බෝවීම සහ පරිසරයට පිරිසිදු ඔක්සිජන් වායුව මුදා හැරීම වැනි පරිසර හිතකාමී කාර්යයන් රැසක් සිදු වේ. මෙවැනි අවස්ථාවන් සඳහා පාසල් සිසු දරු දැරියන් සහභාගී කර ගැනීම කඩොලාන පරිසර සුරැකීමේ වැදගත්කම අනාගත පරපුරට පෙන්වා දිය හැකි ආදර්ශමත් ක්‍රියාවකි.
උතුරු නාවික විධානය






උතුරු මැද නාවික විධානය








