නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
ශ්රී ලංකා නාවික තඨාකාංගනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (16) ත්රිකුණමළය, කෝනේෂ්වරම් මුහුදු ප්රදේශයේදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු සමග ඩිංගි යාත්ර 3 ක් අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදාගත් කිමිදීම සඳහා භාවිතා කරනු ලබන පා වරල් යුගල් 3 ක්, කිමිදීම සඳහා යොදාගන්නා ඔක්සිජන් සිලින්ඩර් 15 ක් සහ විසිතුරු මසුන් 63 ක් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ආම්පන්න වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා ත්රිකුණාමල වරාය පොලිස් ස්ථනය වෙත භාරදීමට කටයුතු කෙරිණි.


