ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමය ස්ථාපිත වේ
ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් ත්‍රිවිධ හමුදාවේ 400 කට අධික වෛද්‍ය හා දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සාමූහිකත්වයෙන් ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමය පසුගිය මාර්තු 18 වන දින කොළඹදී උත්සවාකාරයෙන් පිහිටුවන ලදී.
මෙම සමාරම්භක උළෙලෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් රාජ්‍ය ආරක්ෂක ලේකම්, ඉංජිනේරු, කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහභාගී වූ අතර, ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, එයාර් චීෆ් මාර්ෂල්, කෝලිත ගුණතිලක මහතා සහභාගී විය.
මෙම සංගමය පිහිටුවීමේදී අතුරු කමිටුවේ සාමාජිකයන් වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්යක්ෂ ජෙනරාල් සෞඛ්‍ය හා සේවා වෛද්‍ය රියර් අද්මිරාල් නිකලස් ජයසේකර මහතා, ශ්‍රී ලංකා යුධ හමුදාවේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරාල්, එස් මුණසිංහ මහතා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, ගෲප් කැප්ටන්, එල් ජයවීර මහතා යන ත්‍රිවිධ හමුදා නිලධාරීන් මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.
එහිදී, විධායක කමිටු සාමාජිකයින් සහ නිලධාරී මණ්ඩලය නිතරඟයෙන් තොරා පත් කර ගන්නා ලද අතර, ආරම්භක සභාපතිවරයා ලෙස වෛද්‍ය රියර් අද්මිරාල් ජයසේකර මහතාද ප්‍රධාන අනුශාසක ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සී තුරෛරාජා මහතාද තෝරා පත් කර ගන්නා ලදී.
ආරම්භක සභාපතිවරයා විසින් අපගේ පෞඩ ඉතිහාසයේ සිට වර්තමානය දක්වා හමුදා වෛද්‍ය විද්‍යාවේ මෙහෙවර පිළිබදව වාර්ථාවක් සභාවට ඉදිරිපත් කරන ලද අතර, සංගමය පිහිටුවීමේ ගමන් මග මෙන්ම සංගමයේ ප්‍රධාන අරමුණු ලෙස අඛණ්ඩ වෘත්තීය සංවර්ධන කටයුතු කිරීම, පුහුණුව ලබා දීම, වෛද්‍ය පර්යේෂණ කටයුතු සිදු කිරීම, ප්‍රතිපත්ති සකස් කිරීම, සම්පත් සංවර්ධනය කිරීම, සමාජ සත්කාරක සේවා වල යෙදීම සහ සාමාජිකයින් අතර අන්තර් සම්බන්ධතා ගොඩනැගීම යන කරුණු පිළිබදවද එහිදී අදහස් දැක්වීය.
උත්සවය සඳහා රැස්ව සිටි සම්භාවනීය පිරිස ඇමතූ රාජ්‍ය ආරක්ෂක ලේකම් තුමා වෛද්‍ය විද්‍යාවේ දියුණුව සඳහා ඉංජිනේරුවන්ගේ දායකත්වය පිළිබදවද කෙට් දේශණයක් පැවැත්විය. මෙහිදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කෝලිත ගුණතිලක මහතා විසින් උත්සවාකාරයෙන් ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ නිල වෙබ් අඩවිය වන www.slcomm.org එළිදක්වන ලදී.



















