ත්රිකුණාමළයේ දී ලාංකික ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
ත්රිකුණාමළය, නාවික තඨාකාංගනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) උදෑසන ත්රිකුණාමළය, "චැපල් අයිලන්ඩ්" මුහුදු ප්රදේශයේ දී නීතිවිරෝධී ධීවර ආම්පන්න යොදා ගනිමින් ධීවර කටයුතු වල නිරතව සිටි ශ්රී ලාංකික ධීවරයින් 17 දෙනෙකු සමග ඩිංගි යාත්රා 2ක් අත්අඩංගුවට ගන්නා ලදී. කිමිදීම සඳහා භාවිතා කරනු ලබන පා වරල් යුගලක්, කිමිදුම් මුහුණු ආවරණයක්, කිමිදුම් වා උපකරණ 2ක්, අතංගු දැල් 3ක් සහ හැඹිලි දැල් 2ක් එහිදී නාවික හමුදා අත්අඩංගුවට පත් විය.
අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ආම්පන්න වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා ත්රිකුණාමළය වරාය පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.



