මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට
ඩෙල්ෆ්ට් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් තිදෙනෙකු සමග ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (23) අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් මෙම ධීවරයින් පිරිස ඉදිරි කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාරදීම සඳහා කන්කසන්තුරය වෙත රැගෙන විත් ඇත.

