නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයන් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මන්නාරම, ඉරුක්කලම්පිඩ්ඩි මුහුදු ප්රදේශයේ දී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් 7 දෙනෙකු, කිලෝග්රෑම් 40ක බරකින් යුත් මුහුදු කූඩැල්ලන් තොගයක් සමග ඊයේ (30) දහවල් අත්අඩංගුවට ගන්නා ලදී. ඩිංගි යාත්රාවක්, කිමිදුම් මුහුණු ආවරණ 7ක් හා කිමිදුම් වරල් යුගල් 5ක් එහිදී නාවික හමුදා අත්අඩංගුවට පත් විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන්, ධීවර ආම්පන්න හා මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්යක්ෂක වෙත භාරදීමට කටයුතු කෙරිණි.


