නාවික හමුදාධිපතිතුමන් නාගදීප විහාරයේ වළාකුළු බැම්ම නිරාවරණය කරයි
නාගදීප පුරාණ විහාරාධිපති උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි එවකට නාගදීප විහාරාධිපතිව සිට අපවත් වී වදාළ පරම පූජනීය බ්රාහ්මනවත්තේ දම්මකිත්ති මහා නාහිමිපානන්ගේ 13 වන වර්ෂ පූර්ණය නිමිත්තෙන් ගුණානුස්මරන පිංකම් මාලාවක් එම විහාරස්ථානයේදී පැවැත්විණි. එහි එක් අංගයක් වශයෙන් නාවික හමුදා ශ්‍රම දායකත්වය මත අභිනවයෙන් ඉදිකරන ලද නාග රූප සහිත නාගදීප විහාරස්ථානයේ ආරක්ෂක වළාකුළු බැම්ම නිරාවරණය කිරීම ඊයේ (2) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් සිදු කරන ලදී.
එම සංචාරය අතරතුරදී උතුරු නාවික විධානයට අයත් නාවික කදුවුරු වල රාජකාරී නියුතු නාවික පුද්ගලයන් සමග සුහද කතාබහක නිරවීමටද නාවික හමුදාධිපතිතුමන් කටයුතු කල අතර, උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එම අවස්ථාවන් සඳහා සහභාගී විය.



















