නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් හත් දෙනෙකු නාවික හමුදා විසින් අත්අඩංගුවට ගැනේ
කල්පිටිය, ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (2) උඩප්පුව සහ සින්නපාඩු අතර මුහුදු ප්රදේශයේ දී නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 7 දෙනෙකු ඒ සඳහා යොදා ගත් යාත්රා 3 ක්, ඔක්සිජන් ටැංකි 5 ක් සහ කිමිදීම සඳහා යොදා ගන්නා පාවරල් යුගලක් සමග අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.


