නාවික හා සාගරික විද්‍යාපීඨයේ නව දෙමහල් ගොඩනැගිල්ල නාවික හමුදාධිපතිතුමා විසින් විවෘත කෙරේ
නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතාගේ ආරාධනයකට අනුව ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අභිනවයෙන් ඉදි කරන ලද දෙමහල් ගොඩනැගිල්ල අද (3) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් විවෘත කරන ලදී. සියළු පහසුකම්වලින් යුක්ත මෙම ගොඩනැගිල්ල පුහුණු කටයුතු සඳහා ඕමානයේ සිට පැමිණෙන නිලධාරීන්හට නවාතැන් පහසුකම් ලබා දීමට ඉදිකර ඇත.
තවද, ශ්‍රී ලංකා නාවික හමුදා ඉංජිනේරු අංශයේ නව නිපැයුම් ලෙස හදුන්වා දුන් තාර දැමීම සඳහා භාවිතා කල හැකි යන්ත්‍රයක් සහ පහසුවෙන් වැලි හැලීම සඳහා යොදාගත හැකි යන්ත්‍රයක් නාවික හමුදාධිපතිතුමාගේ පරීක්ෂාවට ලක් විය. නව නිෂ්පාදනයන් හදුන්වා දීම තුලින් නාවික හමුදාවට කීර්තියක් අත්කර දීම මෙන්ම, ඒ තුලින් තම කාර්යයන් ඉක්මනින් සහ පහසුවෙන් කර ගැනීමට උනන්දුවක් දැක්වීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපතිතුමා එහිදී එම නාවිකයන්හට සිය ප්‍රශංසා පළකර සිටින ලදී. නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් රැසක් එම අවස්ථාව සඳහා සහභාගී විය.









