මෛත්‍රීපාල සේනානායක විද්‍යාලයේ ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
වකුගඩු රෝගය වළකාලීම සඳහා නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී. එහි තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක විද්‍යාලයේ සිසු දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය (RO Plant) අද (4) උතුරු මැද නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතා විසින් විවෘත කරන ලදී.
වකුගඩු රෝගය බහුලව පවතින මෙවැනි ප්‍රදේශයන් සඳහා ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර වල දැඩි අවශ්‍යතාවයක් පවතී. එය සැලකිල්ලට ගන් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් මෙම ජල පිරිපහදු යන්ත්‍රය ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරන ලදී. මෙමගින් විද්‍යාලයේ සිසු දරුවන්ට මෙන්ම ප්‍රදේශයේ සිවිල් ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ අවස්ථාව සැළසී ඇත.








