උතුරු මුහුදේ දී ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට
ඩෙල්ෆ් දූපතට නිරිත දෙසින් වූ ශ්රී ලංකාවට අයත් මුහුදු ප්රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ධීවර යාත්රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්රී (4) අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ධීවර යාත්රාව ඉදිරි කටයුතු සඳහා කන්කසන්තුරය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාරදීමට නියමිතය.



