නව පත්වීම් ලද ඉරාන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඉරාන ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද ජ්‍යෙෂ්ඨ කර්නල් මුහම්මද් රීසා ශහාලි මහතා අද (19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. කර්නල් ශහාලි මහතා ඉරාන ආරක්ෂක උපදේශක වශයෙන් පත්වීමෙන් පසු නාවික හමුදාධිපතිතුමන් සමග පවත්වන ලද පළමු නිල හමුවීම මෙය වේ.
එහිදී, ඔවුන් ද්විපාර්ශික වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කතා බහක නිරත වූ අතර, එම අවස්ථාව සඳහා ඉරානයේ හිටපු ආරක්ෂක උපදේශක කර්නල් ඒබ්රහිම් රෞහානි මහතාද සහභාගී විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.




