කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරුමැද නාවික විධානයට අයත් මන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (25) ඌරුමුනෙයි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමට කටයුතු සඳහා මන්නාරම මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
