පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි
අධ්‍යයන චාරිකාවක් සඳහා පසුගිය 24 වන දින මෙරටට පැමිණි පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආඥාපති, ලුතිනන් ජෙනරාල් නසීර් අහමඩ් බට් මහතා ඇතුළු 19 දෙනෙකුගෙන් යුත් නියෝජිතයින් පිරිස අද (26) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
මෙම නියෝජිත පිරිසට තුර්කිය, ඉරාණය, නයිජීරියාව සහ සූඩායන යන රටවල්වල ආරක්ෂක අංශ නිලධාරීන් ද ඇතුලත් වූ අතර, එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත විය. ඉන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් සම්බන්ධයෙන් එම නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා සවිස්තරාත්මක දේශණයක් ඉදිරිපත් කරන ලදී.
නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් පුහුණු, රියර් අද්මිරාල් උදය බණ්ඩාර මහතා, ශ්‍රී ලංකාවේ පකිස්තාන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මුහම්මද් රාජිල් ඉර්ෂාද් ඛාන් මහතා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට සහභාගී විය. එම විශේෂිත අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර, සමරු තිලිණ හුවමාරුවක් ද එහිදී සිදු කෙරිණි.








