වයඹ මුහුදේ දී ඉන්දීය ධීවරයින් විසිඑක් දෙනෙකු අත්අඩංගුවට
තලෙයිමන්නාරමට නිරිත දෙසින් වූ ශ්රී ලංකාවට අයත් මුහුදු ප්රදේශයේදී ඉන්දීය ධීවරයින් 21 දෙනෙකු සහ කුඩා ධීවර යාත්රාවන් 3 ක් ශ්රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (27) අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ධීවර යාත්රාවන් ඉදිරි කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාරදීමට නියමිතය.



