කපිතාන් ප්‍රසාද් කාරියප්පෙරුම විසින් රචිත ˝A VIEW FROM THE INTERNATIONAL MARITIME BOUNDARY LINE INDIA – SRI LANKA˝ නම් කෘතිය එළි දැක්වේ
කපිතාන් ප්‍රසාද් කාරියප්පෙරුම මහතා විසින් රචනා කරන ලද ˝A View from the International Maritime Boundary line India – Sri Lanka˝ නමැති සිය කුළුදුල් කෘතිය එළිදැක්වීමේ උළෙල ඊයේ (28) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහි සමාරම්භක උත්සව අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මිය සහභාගී විය. එහිදී එම කෘතියේ මංගල පිටපත් කතෘ විසින් ඔවුන් වෙත පිළිගන්වන ලදී.
දුර්ලභ කරුණු අළලා මෙවැනි පර්යේෂණාත්මක කෘතියක් රචනා කිරීම සම්බන්ධව කපිතාන් කාරියප්පෙරුම මහතා දක්වන ලද කැපවීම හා ඔහුගේ හැකියාව නාවික හමුදාධිපතිතුමා විසින් අගය කළ අතර, නාවික හමුදා පුද්ගලයන් තුළ පොත්පත් රචනා කිරීමේ හැකියාව වර්ධනය කිරීම හා ඒ පිළිබදව උනන්දු කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව පැහැදිලි කිරීමක් ද සිදු කරන ලදී. නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේ ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, විද්වත් පුද්ගලයින් රැසක් සහ නාවික පුද්ගලයන් පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී විය.



















