නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්රවාහනය කරමින් සිටි ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අයත් මන්නාරම, ශ්රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (28) කච්චතිව් දූපතට නිරිත දෙසින් වූ මුහුදු ප්රදේශයේ දී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්රවාහනය කරමින් සිටි ශ්රී ලාංකික පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, කිලෝග්රෑම් 1161ක බරකින් යුත් වියළි මුහුදු කූඩැල්ලන් තොගයක්, ඩිංගි යාත්රා 3ක් සහ G.P.S යන්ත්ර 2 ක් අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.





