ප්‍රංශ නාවික හමුදාවේ “අකොනිට්” යුද නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි
ප්‍රංශ නාවික හමුදාවේ “අකොනිට්” යුධ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (29) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, එම නෞකාව නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිළිගන්නා ලදී.
නෞකාව කොළඹ වරායට පැමිණීමෙන් අනතුරුව එහි අණදෙන නිලධාරී කපිතාන් ලෝරන්ට් මර්චාඩ් ඩී ග්රොමන්ට් මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා හමුවී සුහද කතාබහක නිරත විය. එහිදී මෙම නිල හමුව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු විය.
“අකොනිට්” නෞකාව මැයි මස 5 වන දින දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර, අන්‍යෝන්‍ය සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වැඩසටහන් කිහිපයකට ද එහි නැව් මුළුව සහභාගීවීමට නියමිතය. එමෙන්ම නෞකාව දිවයිනෙන් පිටත්ව යාමට පෙර දෙරටේ වෘත්තීමය නිපුණත්වයන් හුවමාරු කරගැනීම හා මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමේ අරමුණින් කෙටි නාවික අභ්‍යාසයක නිරතවීමට ද නියමිතය.








