ප්‍රංශ නාවික හමුදා අකොනිට් නෞකාවේදී උත්කර්ෂවත් පිළිගැනීමේ උත්සවයක් පවත්වයි
දින 7 ක සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණි ප්‍රංශ නාවික හමුදාවේ අකොනිට් නෞකාවේ ආගන්තුක සත්කාර පිළිබිඹු කරමින්, අද (29) දහවල් උණුසුම් පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබිණි. මෙම පිළිගැනීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු, රුවන් විජේවර්ධන මහතා සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති, අතිගරු ජීන් මාරින් මහතා සහ එම මැතිනිය ද සහභාගී විය. පැමිණි ආරාධිතයින් විශේෂ සම්මාන ආචාර මුරයක් මගින් ඉතාමත් උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත විය. ආරාධිතයන් වෙනුවෙන් එම නෞකාවේදී ප්‍රනීත දිවා භෝජන සංග්‍රහයක්ද පිළිගැන්විණි. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.























