“විරුසර වරප්‍රසාද කාඩ්පත” ලබාදීමේ 6 වන අදියර හම්බන්තොට දී පැවැත්වේ
“විරුසර වරප්‍රසාද කාඩ්පත” ලබාදීමේ 6 වන අදියර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (30) මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී උත්සවාකාරයෙන් පවත්වන ලදී. එම අවස්ථාවේදී යුධ හමුදා කාඩ්පත් ප්‍රතිලාභීන් 642 දෙනෙකු, නාවික හමුදා ප්‍රතිලාභීන් 194 දෙනෙකු, ගුවන් හමුදා ප්‍රතිලාභීන් 91 දෙනෙකු, පොලිස් සේවයේ ප්‍රතිලාභීන් 67 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක බලකා ප්‍රතිලාභීන් 08 දෙනෙකු වශයෙන් මුළු ප්‍රතිලාභීන් 1002 දෙනෙකු මෙහිදී “විරුසර වරප්‍රසාද කාඩ්පත” හිමිකරගන්නා ලදී.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඒජීපී කිත්සිරි මහතා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් මිලින්ද පීරිස්, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාෂල් රනිල් ගුරුසිංහ, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා ෆොන්සේකා මහත්මිය, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් එරික් ජයකොඩි, ආඥාපති දකුණු නාවික පෙදෙස රියර් අද්මිරාල් නිමල් සරත්සේන, මාතර හා හම්බන්තොට භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරී කර්නල් ඩබ්ලිව්එම් කරුණාපාල, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, විරුසර කාඩ්පත් ප්‍රතිලාභීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර, නාවික හමුදා සංස්කෘතික කණ්ඩායමේ නර්ථනයන්ගෙන් උළෙල විචිත්‍රවත් විය.























