රාජකීය විද්‍යාලයෙන් නාවික හමුදාධිපතිතුමන් හට උපහාර
කොළඹ, රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හට උපහාර පිදීමේ උත්සවයක් අද (3) එම විද්‍යාලයේ දී පැවැත්විණි. රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී.ඒ. අබේරත්න මහතා විසින් එතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව විද්‍යාලයේ රණවිරු ස්මාර්කය වෙත කැඳවාගෙන යනු ලැබීය. එහිදී රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් හට නාවික හමුදාධිපතිතුමන් විසින් පුෂ්පෝපහාර දක්වනු ලැබිණි. ඉන් අනතුරුව, පාසල් ක්‍රීඩාපිටියේ දී නාවික හමුදාධිපතිතුමන් වෙත සම්මාන ආචාරයක් ද පිරිනැමිණි. එම අවස්ථාවට විද්‍යාලීය ආදි ශිෂ්‍යයින්, රාජකීය විද්‍යාලයේ ගුරු මණ්ඩලය මෙන්ම සිසු දරුවන්ගේ දෙමාපියන් විශාල පිරිසක් ද සහභාගී වූහ.
මෙම උත්සවයට සමගාමීව, රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායකයින් පත්කිරීමේ උත්සවය ද විද්‍යාලීය "නවරඟහල" ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. එහිදී ප්‍රාථමික අංශ සිසු දරුවන් වෙත සහතික පත් ප්රදානය විජේගුණරත්න මහතා අතින් සිදු කෙරිණි. එමෙන්ම සිසු දරුවන් වෙත ශිෂ්‍ය නායක ලාංඡන පැළඳවීම විදුහල්පතිතුමන් විසින් සිදු කෙරුණු අතර, ආදි රාජකීයකු වශයෙන් විදුහලට අත්කරදුන් කීර්තිය ඇගයීම සඳහා විදුහල්පතිතුමන් විසින් විජේගුණරත්න මහතා හට විශේෂ සමරු තිළිණයක් ද ප්රදානය කරන ලදී.
1969-1980 කාල සීමාවේ දී රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන විජේගුණරත්න මහතා කනිෂ්ඨ ශිෂ්‍ය නායකයකු වශයෙන් ද කටයුතු කර ඇත. විෂය බාහිර ක්‍රියාකාරකම් වලදී මෙන්ම ක්‍රීඩා හැකියාවන්ගෙන් ද විශේෂ කුසලතා දක්වා ඇති ඔහු පාසලේ ජනාධිපති බාලදක්ෂයකු වශයෙන් ද කැපී පෙනුන ශිෂ්‍යයකු විය. එතුළින් ලැබූ පන්නරය නාවික හමුදාධිපති ධූරය දක්වා උසස් තනතුරකට පත්වීමට එතුමන්ට මහෝපකාරී වී ඇත.






















