ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන දෙරටෙහි ප්‍රංශ තානාපතිවරයා වශයෙන් කටයුතු කරන අතිගරු ජීන්-මරින් ස්කූබ් මහතා අද (4) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. එහිදී නාවික හමුදා සම්මාන ආචාර මුරයකින් තානාපතිතුමන් පිළිගනු ලැබිණි. මෙම අවස්ථාවට ප්‍රංශ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කොමාණ්ඩර් ලොයික් බිෂොට් මහතා ද එක් විය.
එහිදී අන්‍යෝන්‍ය හා ද්විපාර්ශ්විකව වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන් සුහද කතා බහක නිරත විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් තානාපතිතුමන් හා නාවික හමුදාධිපතිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.




