“ට්‍රින්කො බ්ලූ - 2016” රුවල් යාත්‍රා තරඟාවලියේ සමස්ථ ශුරතාවය නාවික හමුදාවට
කොළඹ රාජකීය රුවල් යාත්‍රා සංගමය (Royal Colombo Yacht Club – RCYC) විසින් සංවිධානය කරනු ලැබූ “ට්‍රින්කො බ්ලූ - 2016” රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය අප්‍රේල් මස 29 සහ 30 යන දිනයන් හි ත්රිකුණාමළය “Trinco Blu” හෝටලය ඉදිරිපස වෙරළතීරයේ දී පැවැත්විණි. එහි දී ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම නියෝජනය කළ ප්‍රධාන සුළු නිලධාරී ඩබ්ලිව්ඒආර් නිශාන්ත හා නායක නැවි එම්ජීඑම්යූ ඥාණවර්ධන තරඟාවලියේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. ලංකා මෝටර් යාත්‍රා සංගමය (CMYC), කොළඹ රාජකීය රුවල් යාත්‍රා සංගමය, කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලය හා ශ්‍රී ලංකා නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 36 දෙනෙකු මෙම තරඟාවලියට සහභාගී විය.
තරඟ ඉසව් 3ක් යටතේ පැවති මෙම තරඟාවලියේ දී විවෘත අංශය (Open) හා උද්යෝගී අංශය (Enterprise) යන තරඟ ඉසව් දෙකෙහිම ජය ප්‍රධාන සුළු නිලධාරී ඩබ්ලිව්ඒආර් නිශාන්ත හා නායක නැවි එම්ජීඑම්යූ ඥාණවර්ධනට හිමි විය. ලේසර් අංශයේ (Laser) ප්‍රථම ස්ථානය දිනා ගැනීමට නානැවි ජේඑම්පීඑල් ජයසූරිය සමත් විය.








