ප්‍රති ආශ්‍රැත ජල පද්ධති නිර්මාණකරුවන් නාවික හමුදාධිපතිතුමන්ගේ ඇගයුමට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වකුගඩු රෝගය මැඩලීමේ අරමුණින් යුතුව එම රෝගය බහුලව පවතින ප්‍රදේශයන්හි ජනතාව වෙනුවෙන් පසුගිය කාල සීමාව තුළ ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු පද්ධතීන් රැසක් නිර්මාණය කර ස්ථාපිත කිරීම සිදු කරන ලදී. එම යන්ත්‍ර නිර්මාණය කිරීමෙහි ලා විශේෂ කැපවීමක් දක්වන ලද නාවික පුද්ගලයන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ඇගයීමට ලක් කෙරුණු අතර, ඒ අනුව නාවික පුද්ගලයින් සිව් දෙනෙකු වෙත ප්රශංසාත්මක ලිපි ප්රදානය අද (9) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
මෙහිදී, කපිතාන් (ඉංජිනේරු) ප්‍රියංකර දිසානායක, සුළු නිලධාරී (ඉංජිනේරු කාර්මික) ඒ.ජී.එච්. රූපසිංහ, නායක ඉංජිනේරු කාර්මික කේ.ජී.එන්.පී. ගුණපාල සහ ගුවන් විදුලි කාර්මික එම්.එස්ඩී. අමරසිංහ යන නාවික පුද්ගලයන් තමන්ට හිමි ප්රශංසාත්මක ලිපි නාවික හමුදාධිපතිතුමා අතින් ලබා ගන්නා ලදී.
ප්‍රජා අවශ්‍යතාවයේ වැදගත්කම සැලකිල්ලට ගෙන සිවිල් ජනතාවගේ ජීවන තත්වය නංවාලීමේ අරමුණින්, නාවික හමුදා සමාජ වගකීම් ව්‍යාපෘතිය යටතේ මෙම වර්ෂය තුළ මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 50 ක් නිපදවීමට නාවික හමුදාව බලාපොරොත්තු වෙයි.



