කච්චතිව් දූපතේ නව දේවස්ථානයට මුල්ගල තැබේ
කච්චතිව් දූපතේ ඉදිකිරීමට නියමිත නව දේවස්ථානයට මුල්ගල තැබීමේ උත්සවය මැයි මස 09 වන දින යාපනය දියෝකීසියේ අනුනායක පී.ජේ. ජෙබරත්නම් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම අවස්ථාවට මීසම භාර ගරු ඇන්තනී ජෙයරන්ජන් පියතුමන්, මීසම භාර සහකාර පියතුමන් වන ගරු නික්ෂොන් කොලින් පියතුමන් සහ උතුරු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහභාගී විය.
පසුගිය පෙබරවාරි 21 වන දින පැවති කච්චතිව් මංගල්‍යය අවසන් වීමත් සමගම යාපනය දියෝකීසිය භාර අගරදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමන් විසින් 2017 වසරේ පැවැත්වීමට නියමිත දේව මංගල්‍යයට ප්‍රථම, පැරණි දේවස්ථානය වෙනුවට නව දේවස්ථානයක් ඉදිකිරීමේ අවශ්‍යතාවය පිළිබඳව සඳහන් කරන ලදී. ඒ සඳහා නාවික හමුදා සහාය ලබාදෙන මෙන් සිදුකළ ඉල්ලීම මල්ඵල ගන්වමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා නාවික හමුදා සහාය ලබාදීමට සිය කැමැත්ත පල කරන ලදී. ඒ අනුව උතුරු නාවික විධාන ආඥාපතිතුමන්ගේ අධීක්ෂණය මත කච්චතිව් දූපතේ නව දේවස්ථානයේ ඉදිකිරීම් සඳහා නාවික හමුදාව පූර්ණ සහාය ලබාදීමට නියමිතය.
උතුරු නාවික විධාන නියෝජ්‍ය ආඥාපති කොමදෝරු මෙරිල් සුදර්ශණ, විධාන ඉංජිනේරු නිලධාරී කපිතාන් ජානක ගුණසීල, විධාන නියෝජ්‍ය තඨාකාංගණ අධිකාරි කපිතාන් සුගංධ විජේරත්න, ශ්‍රීලංනානෞ වසභ ආයතනයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් ඉඳුනිල් කුරුප්පු, විධාන සිවිල් ඉංජිනේරු නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් නිරෝෂණ අලහප්පෙරුම යන නිලධාරීන් ද මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගී විය.








