සෝමාලියානු වෙරළ තීරය සහ ඒඩ්න් බොක්ක ප්‍රදේශයන් හි මුහුදු මංකොල්ලකෑම් මැඩළීම බලගැන්වීම සඳහා ස්ථාපිත ගුවන් බලඝණයේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි
සෝමාලියානු වෙරළ තීරය සහ ඒඩ්න් බොක්ක ප්‍රදේශයන් හි මුහුදු මංකොල්ලකෑම් මැඩළීම බලගැන්වීම සඳහා ස්ථාපිත ගුවන් බලඝණයේ අණදෙන නිලධාරී, ජපාන ස්වයං ආරක්ෂක බලකායේ කපිතාන් මසහිෂා මොටමුරා මහතා අද (10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
එම හමුවේදී ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන් සුහද කතාබහක නිරත විය. සෝමාලියානු වෙරළ තීරය සහ ගල්ෆ් ඒඩ්න් බොක්ක ප්‍රදේශයන් හි මුහුදු මංකොල්ලකෑම් මැඩළීම සඳහා සිදුකරන මෙහෙයුම් පිළිබඳව ද එහිදී සාකච්ජා කෙරිණි. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.





