ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර කලාපීය යුදෝපායන් සහ ප්‍රතිපත්ති සම්පාදන ඒකකයේ අධ්‍යක්ෂක නාවික හමුදාධිපති හමුවෙයි
ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර කලාපීය යුදෝපායන් සහ ප්‍රතිපත්ති සම්පාදන ඒකකයේ අධ්‍යක්ෂක, මේජර් ජෙනරාල් ස්ටීවන් ආර්. රඩර් මහතා අද (12) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.
එහිදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන් සුහද කථා බහක නිරත වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.






