මුහුදු කූඩැල්ලන් කිලෝග්රෑම් 58ක් සමග ලාංකික පුද්ගලයින් හය දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් මන්ඩතිව්, ශ්රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත නාවිකයින් විසින් විනයසෝදි හා කල්මුණේ තුඩුව (‘K’ Point) අතර මුහුදු තීරයේ බලපත්ර රහිතව අනවසරයෙන් මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු සමග මුහුදු කූඩැල්ලන් කිලෝග්රෑම් 58ක් (ප්රමාණය අඟල් 6ට අඩු) මැයි මස 11 වන දින අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් මුහුදු කූඩැල්ලන් තොගය හා පුද්ගලයින් ඉදිරි විමර්ශන කටයුතු සඳහා පූනකරි ධීවර පරීක්ෂක වෙත භාරදීමට කටයුතු කෙරිණි.

