ජල ගැල්මෙන් පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීමට නාවික හමුදාව කටයුතු කෙරේ
මේ වන විට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දියවන්නා ඔයේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යාම නිසා පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නය වෙත ජලය ගලා ඒමට පටන්ගෙන ඇත. එම තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක වූ නාවික හමුදාව නාවිකයන් 102 දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ (15) රාත්‍රියේ සහ 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (16) අළුයම පාර්ලිමේන්තු සංකීර්ණය වෙත අනුයුක්ත කරන ලදී. මේ වන විට ඔවුන් විසින් වැලි කොට්ට යොදා ගනිමින් ජල ගැල්ම පාලනය කිරීමට කටයුතු කර ඇත. මෙම කර්තව්‍ය නිරීක්ෂණය කිරීම සඳහා අද උදෑසන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ද එක්විය.
තවද, තල්දූව, රාජගිරිය, වැල්ලම්පිටිය, මල්වාන සහ කෑගල්ල යන ප්‍රදේශවල ඇති වී තිබෙන ගංවතුර තත්වයන්ට සහන සැළසීම සඳහා මේ වන විටත් නාවික හමුදා කණ්ඩායම් එම ප්‍රදේශයන් වෙත අනුයුක්ත කර ඇත. ඊට අමතරව දිවයින පුරා නාවික විධානයන්හි ඇති කදවුරුවල පහත දැක්වෙන පරිදි ජල ගැලීමෙන් ආපදාවන්ට ලක් වූවන් මුදවා ගැනීම සඳහා හදිසි අවස්ථා කණ්ඩායම් 69 ක් මැයි මස 14 වන දින සිට සූදානම් කර ඇත.
බටහිර නාවික විධානය | - කණ්ඩායම් 31 |
දකුණු නාවික විධානය | - කණ්ඩායම 7 |
ගිණිකොන නාවික විධානය | - කණ්ඩායම් 7 |
වයඹ නාවික විධානය | - කණ්ඩායම් 4 |
උතුරු මැද නාවික විධානය | - කණ්ඩායම් 11 |
නැගෙනහිර නාවික විධානය | - කණ්ඩායම් 4 |
උතුරු නාවික විධානය | - කණ්ඩායම් 5 |










