නාවික හමුදාව ආරක්ෂක සේවා ගොල්ෆ් ශූරතාවය දිනා ගනියි
2016 මැයි මස 11 වන දින සිට 13 වන දින දක්වා නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගනයේදී පත්වන ලද දෙවන ආරක්ෂක සේවා ගොල්ෆ් තරඟාවලියේ අවසන් වටයෙන් ගුවන් හමුදා කණ්ඩායම අභිබවමින් සමස්ථ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්විය. මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව, සත්කාරක නාවික හමුදාව සහ ගුවන් හමුදාව නියෝජනය කරමින් තරඟකරුවන් සහභාගී විය.
එහිදී, නාවික හමුදාව නියෝජනය කරමින් තරඟ වැදුනු, කපිතාන් ප්‍රදීප් කරුණාතිලක මහතා විවෘත අංශයේ 40 ට වැඩි කාණ්ඩයේ ශූරතාවය දිනාගත් අතර, එහි අනුශූරතාවය දිනාගැනීමට කපිතාන් ජගත් කුමාර මහතා සමත්විණි. සාමාන්‍ය නාවික ඩී.එම්.පී..පී බණ්ඩාර ලකුණු 34 ක් ලබා ගනිමින් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයාට සහ හොදම ක්‍රීඩකයාට හිමි කුසලාන සහ සහතික පත්‍ර ලබා ගත් අතර, සාමාන්‍ය නාවික ඩී.ජී.ඩී.පී. පෙරේරා ලකුණු 32 ක් ද සමගින් එහි දෙවන ස්ථානයට හිමි කුසලානය සහ සහතිකපත්‍රය ලබා ගැනීමට සමත් විය.
එම ක්‍රීඩකයන් අද (16) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදා ගොල්ෆ් සංචිතයේ සභාපති සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. ආරක්ෂක සේවා ගොල්ෆ් තරඟාවලියේදී නාවික හමුදා කණ්ඩායම විසින් දක්වන ලද දස්කම් එහිදී නාවික හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක් වූ අතර, එම අවස්ථාවට නාවික හමුදා ගොල්ෆ් සංචිතයේ ලේකම්, කපිතාන් රෝහන ලේල්වල මහතා සහ එහි භාණ්ඩාගාරික, කපිතාන් ජගත් කුමාර මහතා ද එක්විය.

















