බත්තලංගුන්ඩුව දුපතේ වසා දමා තිබූ පාසල යලි විවෘත කිරීමට නාවික හමුදා සහය
වයඹ නාවික විධානයට අයත් කල්පිටිය ප්‍රදේශයේ පිහිටි බත්තලංගුන්ඩුව දුපතේ අතහැර දමා තිබූ රජයේ පාසලක් නැවත් ආරම්භ කිරීම සඳහා නාවික හමුදාවේ පූර්ණ සහයෝගය ලබා දී ඇත. ඒ අනුව එම පාසල පසුගිය 11 වන දින සිට නැවතත් ප්‍රදේශවාසී දුවා දරුවන්ගේ අයිතියට පත් කරන ලදී. මෙහි ආරම්භක පියවර වශයෙන් දූපතේ පදිංචි දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් එම ප්‍රදේශයේ සියඵම දෙමාපියන් කැඳවා අධ්‍යාපනයේ ඇති වැදගත්කම සමිබන්ධයෙන් දැනුවත් කිරිමේ වැඩසටහනක් වයඹ නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහාතාගේ උපදෙස් පරිදි පවත් වන ලදි. ඉන් අනතුරුව නාවික හමුදාවේ විශේෂ ක්‍රමය යටතේ බදවා ගන්නා ලද උපාධිධාරි නාවිකයෙක් ගුරුවරෙකු වශයෙන් සේවයේ යොදවා එම දුපතේ පිහිටි පැරණි පාසල වෙත අනුයුක්ත කර මේ වන විට සාමාන්‍ය පරිදි සතියේ වැඩ කරන දිනයන්හිදී පාසලේ වැඩ කටයුතු පවත්වාගෙන යනු ලබයි.
මෙම පාසැලේ දැනට ළමුන් 33 දෙනෙකු (පිරිමි ළමුන් 22 ක් සහ ගැහැණු ළමුන් 11 ක්) ඉගෙනිම ලබන අතර මොවුන්ට අවශ්‍ය පොත්පත් සහ පාසල් උපකරණ කල්පිටිය අධ්‍යාපන අධක්ෂක සමග සමිබන්ධිකරණ වි ලබා දිමට කටයුතු කර ඇත. තවද, දරුවන්ගේ සාක්ෂරතාව දියුණු කිරිමට මෙම පාසල ඉමහත් පිටුවහලක් වන බැවින් මෙය වැඩි දියුණු කිරීම සඳහා වයඹ නාවික විධානය විසින් හැකි සෑම අයුරකින්ම අවශ්‍ය කටයුතු සම්පාදනය කොට ඇති අතර, දැනට පුත්තලම මහඡන බැංකුවේ කළමණාකරු විසින් ඉදිරියේදී පාසලේ අභිවෘද්ධිය පිණිස සිය දායක්තවය ලබා දිමට ද එකගතාවය පළ කර ඇත.











