ගංවතුරෙන් විපතට පත් ජනතාවට තවදුරටත් නාවික හමුදාවේ සහාය
දිගින් දිගටම බලපා ඇති අයහපත් කාළගුණය හේතුකොටගෙන මේ වන විට දිවයිනේ ප්රදේශ රැසක් ජලයෙන් යටවී ඇති අතර, පුද්ගලයන් විශාල පිරිසක් ද ගංවතුරෙන් පීඩාවට පත් වී ඇත. තවදුරටත් නාවික හමුදාව විසින් ඔවුන් මුදවා ගැනීමේ ක්රියාන්විතයන්හි නිරත වෙමින් පවතී. ඒ අනුව අද (19) සවස වන විට නාවික හමුදාව විසින් පුද්ගලයන් 13,772 දෙනෙකුගේ ජීවිත බේරා ගෙන බෝට්ටු මගින් ආරක්ෂිත ස්ථානයන් කරා ප්රවාහනය කර ඇත. එමෙන්ම තල්දූව, හංවැල්ල, රනාල, නවගමුව, මල්වාන, කෑගල්ල, කඩුවෙල, මුල්ලේරියාව, දොම්පේ, පූගොඩ, වැල්ලම්පිටිය, කොළොන්නාව, බියගම, කොටිකාවත්ත, අංගොඩ, කැළණිමුල්ල වවුනියාව, විලච්චිය සහ මන්දගල්ආරු යන ප්රදේශයන්හි මුදවා ගැනීමේ කණ්ඩායම් 81 ක් ස්ථානගත කර ඇති අතර, හදිසි අවස්ථාවන්වලදී සහාය දැක්වීම සඳහා තවත් කණ්ඩායම් 40 ක් සියළුම ගංවතුර තර්ජන සහිත ප්රදේශ ආවරණය වන පරිදි කදවුරු වල සූදානමින් තබා ඇත.



























